ලලිත් වීරතුංග ගැන සොයන්න කමිටුවක්

0

රුසියාවේ වසර නවයක කාලයක් ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ මේ වනවිට අතුරුදන්ව සිටින, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඥාති සොහොයුරා වන උදයංග වීරතුංගට එල්ලවන චෝදනා සොයා බැලීම සදහා කමිටුවක් පත්කරන බව වැඩබලන විදේශ ලේකම් අජිත් පී .පෙරේරා පවසයි.එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ අතුරුදන්ව සිටින උදයංග වීරතුංග සොයා ගැනීමට අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර පොලිසියේ සහයද පතන බවයි.

2006 වර්ෂයේදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කල උදයංග වීරතුංගට විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.

මෙරට ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබා දීමට ඔහු සම්බන්ධවූ අතර යුක්රේන කැරලිකරුවන්ට අවි ආයුධ ලබාදීමද ඔහුට එල්ලවන බරපතල චෝදනාවක් වනවා.ඒ සම්බන්ධයෙන් යුක්‍ රේන ජනාධිපතිවරයා ශ්‍රි ලංකාවට දැනුම්දී ඇති අතර ඒ පිළිබද සොයා බැලීමට කමිටුවක් පත්කරන බවයි අජිත් පි පෙරේරා කියා සිටියේ.ත්‍රස්තවාදීන්ට අවි ආයුධ ලබා දීම බරපතල ඝණයේ අපරාධයක් බව පෙන්වාදෙන අමාත්‍යරයා සදහන් කලේ මේ සම්බන්ධයෙන් සොයා බලා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර මීට මාස නවයකට පමණ ඉහතදී ජිවීතක්ෂයට පත්වූ නොයෙල් රණවීරගේ දේහයද යළි ගොඩ ගනු ලැබුවා.නොයෙල් රණවීර යනු රුසියානු තනාපති කාර්‍යාලයේ සිටී සහකාර ලේකම්වරයෙකි.නොයෙල් රණවීර උදයංග වීරතුංගගේ ව්‍යාපාර සදහා හවුල්කරුවෙකු ලෙස කටයුතු කල අයෙකි.

නොයෙල් රණවීර අවසන් වරට ලංකාවට පැමිණි අවස්ථාවේදි උදයංග වීරතුංග සම්බන්ධයෙන් ප්‍රකාශයක් සදහන් කර ඇති අතර ඉන්පසුව නොයෙල් ජිවීතක්ෂයට පත්ව තිබේ.මේ මරණය සැක සහිත බැව් නොයෙල් රණවීරගේ ඥාතින් ප්‍රකාශ කිරීමත් සමගින් නොයෙල් රණවීරගේ දේහය යළි ගොඩ ගැනීමට අධිකරණය නොයෝග නිකුත් කර තිබෙනවා.