සාමය රකින්නයි එහෙම කලේ (Video)

0

සිංහල රාවය සංවිධානය විසින් අද (04) සිදුකල විරෝධතාවයක් මැඩලීම සදහා පොලිසිය විසින් ජල කදම්භ ප්‍රහාරයක් එල්ල කලා.

අද සිංහල රාවය සංවිධානය කූරගලදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබූ අතර එහිදී ස්වාමින් වහන්සේලා කූරගල මුස්ලිම් පල්ලියට පහර දීමට උත්සහ ගන්නා බවට වූ අවදානමක් තිබූ හෙයින් ජල ප්‍රහාරයක් එල්ල කර උද්ඝෝෂකයින් විසුරවා හැරි බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ සාමය ආරක්ෂා කිරීම සදහා මෙලෙස මෙම විරෝධතාවය මැඩලීම සදහා ජල ප්‍රහාරයක් එල්ල කල බවයි.මේ විරෝධතාවය සදහා භික්ෂුන් වහන්සේලා 20ක් ඇතුළුව 150කට අධික පිරිසක් සහභාගිවී තිබෙනවා.

කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකරන කැණීම් මේ වන විටත් සිදුවන අතර දැනට පවතින ඉස්ලාමීය දේවස්ථානය ඉවත් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා විකල්ප ස්ථානයකට යාමට එම දේවස්ථානය පාර්ශවයේ කැමැත්ත පළ වී තිබෙනවා.අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මේ බව ප්‍රකාශ කලා.