ෂුවර් එකටම රනිල්ට බෑ

0

මේ වන විට මහින්ද රාජපක්ෂ භිතිකාවක් ඇතිවී ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමනායක පවසයි.අද (04)හොරණ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ විදුර වික්‍රමනායක ,

රනිල් වික්‍රමසිංහ මහත්තයයි ,කැබිනට් ප්‍රකාශක රාජිතයි දන්නවා මේ සම්මත්ජාතියට මහින්ද රාජපක්ෂ එක්ක තරග කරලා රනිල්ට එන්න බෑ කියලා.ඒ වට පිටාව මත තමයි මේ කට්ටිය මඩ ගහගෙන යන්නේ.මහින්ද භිතිකාවක් හැදිලාදෝ කියලා අපිට හිතෙනවා.

ශ්‍රිලනිප උපදේශක මණ්ඩලයේ ඉන්න කෙනෙකුට මේ වගේ චෝදනා කිරීම සාධාරණද අසාධාරණද කියලා ජනතාව තීරණය කරන්න ඕන.නිකන් බොරුවට ඇනුම් පද කියවා කියවා ඉන්නවා.