ඇන්ටනී ,සරත්ට බල්ලා නොකියා බල්ලා කියයි (Video)

0

මීගමුව නගරාධිපති ඇන්ටනී ජයවීරගේ වංචා දූෂණ සියල්ල හෙළි කරන බව හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සති අන්ත පුවත්පතක් සදහා ප්‍රකාශ කර තිබේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ,

මේ දවස් වල ඔහු නගර සභාවේ කරලා තියන දුෂණ ,වංචා ගැන ඔක්කොම හොයන් යනවා.ලක්ෂයට කරන්න පුළුවන් ඒවා ලක්ෂ 5-6බිල් දාලා කරපු වංචා ඒ සියල්ල මම ඉස්සරහාට හෙළි කරනවා.මීගමුව සුද්ද කරන වැඩේ මම පටන් ගන්නවා යනුවෙනි.

පසුගියදා පිටිපන පුස්තකාලය හා මාතෘසායනය සහ තවත් පොදු කටයුතු කීපයක් විවෘත කිරීමේ උත්සවය පැවත්වූ අතර මෙම උත්සවය සදහා මීගමුව නගරාධිපති ඇන්ටන් ඇතුළු නා.මන්ත්‍රීවරුන්ද , පිටිපන යු.එන්.පී මන්ත්‍රීවරුන් පමණක් සහභාගී වී සිටියා.මෙම උත්සවය ආරම්භ කරන්නට කටයුතු සූදානම් කර තිබියදී එතැනට පැමිණ ඇති සරත් ගුණරත්න සහ ඔහුගේ ආධාරකරුවන් විසින් මීගමුව නගරාධිපතිවරයා සමග බහිබස්වී ඇති අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වුණා .

මෙහිදී සරත් ගුණරත්නගේ පාර්ශයෙන් පැමිණි පුද්ගලයෙකු සහ නා.මන්ත්‍රී විග්නේසියස් (ලොකු කුමාර )අතර තදින් ගුටිබැට හුවමාරුවක් සිදුවුණා.මේ සිදුවීම සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් සරත් කුමාර ගුණරත්න මෙන්ම ඇන්ටනී ජයවීරගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එහිදී ඇන්ටනී ජයවීර පවසා ඇත්තේ ,

මම මොකක් හරි හොර වැඩක් කරලා තියනවා නම් හෙළි කරන්න කියන්න.නිකන් බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නේ නෑනේ.එදා මම නිකන් හරි සරත් ගුණරත්නව උස්සලා කතා කලා නම් එයාට අද ඉන්න හොදම කෙනා මම.

මම හොදට දෙවියෝ අදහනවා.මම කාටවත් වැරද්දක් කරලා නැති මිනිහෙක්.සරත් කුමාරගේ හැටි මුළු රටම දන්නවා.මට මොකක් හරි වැරද්දක් කළොත් ඒක දෙවියෝ බලා ගනී.

පසුගිය 26 වනදා සරත් කුමාර ගුණරත්න ඇතුළු පිරිස නැටූ නාඩගම බලන්න.