මංතිරු නීතිය හෙට සිට ක්‍රියාත්මකයි

0

හෙට (06) වැනිදා පෙ.ව. 7.30 සිට 10දා සවස මාර්ග කිහිපයක මංතිරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ.ඒ අනුව අදාල මංතීරුෙවී වාහන ගමන්කීරීම අවශ්‍ බවත්, නොසැලකිලිමත් ආකාරයෙන් මංතීරු හරහා වාහන ධාවනය කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත් පොලීසිය කියයි.

10දා දක්වා සිදුකරන්නේ අත්හදා බැලීමක් බවත්, අනතුරුව එම නීතිය දිගටම බලාත්මක කරන බවත් පොලීසිය පවසයි.  වාහන තදබදය හා  රථ වාහන අනතුරු අවම කිරීමමෙහි අරමුණ බවද පොලීසිය නිවේදනය කරයි.

කොල්ලූපිටියේ සිට බම්බලපිටිය දක්වා ඩුප්ලිකේෂන් පාර (ආර්. ඒ. ද මෙල් මාවත)

මංතීරු නීතිය ක්‍රියාත්මක මාර්ග

මොරටුව සිට ගාලූ පාරේ ගාලූ මුවදොර එන්.එස්.ඒ. වටරවුම දක්වා

බොරැල්ල සේනානායක හන්දිය සිට ශි‍්‍ර ජයවර්ධනපුර පාරේ පොල්දූව දක්වා

පෑලියගොඩ සිට නුවර පාරේ කිරිබත්ගොඩ දක්වා

පෑලියගොඩ සිට මීගමුව පාරේ වත්තල දක්වා