අයියා ,නංගීව අඹුව කරගෙන

0

වයස අවුරුදු 14 ක් වු තම නැගණිය දින පහක් අඹුකමට තබා ගත් බවට සැකකෙරෙන වයස අවුරුදු 21 ක අයියා කෙනෙකු මෙම මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල ඊයේ (04) නියෝග කර තිබේ .එසේම එදිනට සැකකරු වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර සමාජ රෝග පිළිබද වාර්තාවක් ලබා දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක දමිල තරුණයෙකි.අදාළ තරුණයාගේ දෙමාපියන් තේ දළු නෙලන රැකියාවේ නිරත වන අතර තුර තම නැගණිය මෙසේ අඹුකමට ගෙන ඇති බවට සැකකරෙයි. එම නැගණිය තම පාසලේ ගුරුවරියට මේ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුව ගුරුවරිය විසින් පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වු යක්කලමුල්ල පොලිසිය අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

(නිමල් අල්ගෙවත්ත )