අලියා සන්ධානයකට ඇම දමයි

0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී පොදු ලකුණක් යටතේ සන්ධානගතව තරග වැදීම පිළිබඳ සිතා බැලිය යුතු බවට යෝජනාවක් මුදල් අමාත්‍ය රවි කරුණානායක එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.පසුගිය බ්‍රහස්පතින්දා පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් එජාප සමාජිකයන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කල බවද වාර්තා වේ.

කෙසේ වෙතත් එජාප නායක අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ දැඩිව අවධාරණය කර ඇත්තේ, මහා මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් ඉක්මනින් තීන්දුවක් ගත යුතු බවත් ඒ සදහා මැතිවරණ කොට්ඨාස මට්ටමින් දැනට ක්‍රියාත්මක සාමාජික ප්‍රවර්ධන වැඩසටහන වේගවත් කිරීමට උපදෙස් ලබාදි තිබේ.