MR හපන් MS ඊට හපන් (Video)

0

වත්මන් ආණ්ඩුව සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිලිවින් සිල්වා අදහස් පල කලා.

“මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තිබ්බ දුර්දාන්තකම නැවත මතක් කරන්න වෙලා තියනවා.ඇයි මේ දවස් වල මහින්ද මහත්තයා බබා වෙන්න හදනවා.ඒ මදිවට අපිවත් බබා කරන්න හදනවා.

මහින්ද මහත්තයා දවල්ට යනවා හිර ගෙවල් වලට යාළුවෝ බලන්න.හවසට යනවා පන්සල්වල මල් පූජ කරන්න.ඒ තැන් වලට මිනිස්සුත් අරගෙන යනවා.ඊට පස්සේ මතයක් හදාගන්නවා මහින්දව ඉල්ලනවා කියලා.

මහින්ද නැතිව ඉන්න බැරි අනතයෝ මහින්දගේ ස්කන්ධය විකුණගෙන කන්න හදනවා.

එතකොට මේ අළුතින් ආපු ආණ්ඩුව.ඊට හපන් දේවල් කරනකොට.ආණ්ඩුව පොරොන්දු දැන් ඉටු කල යුතුයි.අපි ඒ සදහා මැදිහත් වෙනවා.