මේ මහා අපරාධයට වගකිව යුත්තෝ කව්ද? (Photos)

0

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මුල්‍ය අනුග්‍රහයෙන්, රුපියල් ලක්ෂ පන්සීයක, වියදමින් හබරාදුව කොග්ගල ඉදිකළ කොග්ගල බස් පර්යන්තය අතහැර දමා ඇත. හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රිචර්ඩ් පතිරණ මහතා මෙම බස් පර්යන්තය 1995 ජුනි මස 04 වැනි දින දෙවන වතාවට විවෘත කෙළේය.මෙය මුලින්ම සකස් කරනු ලැබුවේ රණසිංහ පේමදාස හිටපු දිවංගත ජානාධිපති තුමාය. කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ  සේවකයන් වෙනුවෙන් ද හම්බන්තොට මාතර ගාල්ල කොළඹ දුරගමන් මඟීන් වෙනුවෙන් ද මෙම සේවය ඇරැඹිණි. එම කලාපයේ සේවකයන් දස දහසකට ආසන්න පිරිසකට ගමන් පහසුව සපයන බස් දැන් තැන තැන  නතර කැරෙයි.

කොග්ගල බස් ස්ටෑන්ඞ් එක තාම පාළුවට ගිහින් තාම විවෘත කරලා නැහැ. මොකද්ද මේ වෙලා තියෙන්නේ. පසුගිය වසරේ ගාල්ලේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධිකරන රැස්වීමේ දී හිටපු ජනාධිපති තුමා විමසා සිටියේය. ඉන් අනතුරුව ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ කොග්ගල බස් නැවතුම්පළ කඩිනමින් විවෘත කරන ලෙසටය.

නමුත්,වසර ගණාණාවක් ගතවුව ද මෙය තනිකරම, අමු කැලෑවක් බවට පත්වෙමින් තිබේ.එතුමා නිලධාරින්ට උපදෙස් දුන්නද ඒ සන්ධාන නම් වු ආණ්ඩුවෙන් ද කොග්ගල බස් නැවතුම් පොළ සකස් වුයේ නැත.

ගාලූ ඩිපෝවේ වර්ජනයෙන් මාර්ග 27ක බස් ගමන් නවතින්නට වැඩ වර්ජනයක් පසුගිය දා සේවකයෝ දියත් කළහ. ඒ ගාල්ල, කොග්ගල බස් ඩිපෝවේ සේවකයන් රියැදුරන් හා කොන්දොස්තරවරු 237 කට ආසන්න පිරිසක් වැඩ වර්ජනයක නිරතව පසුගිය දාය. මේ නිසා මාර්ග විසිහතක බස් ධාවන කටයුතු මුළුමනින්ම නතර වී තිබේ.පුරා මාස දෙකක් තුළ සේවක වැටුප් නොගෙවීම හා දීමනා ලබා නොදීම, කපා ගන්නා ලද මරණ පාරිතෝෂික දීමනාව වශයෙන් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ලබා නොදීම වර්ජනයට හේතුවී තිබේ.බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීම නිසා පාසල් ළමයි හා අතුරු මාර්ගවල ගමන් ගන්නා මගී ජනතාව දැඩි අපහසුතාවකට පත් වූහ.

මෙයට, අමතරව, බස් කොස්දොස්තර වුරු රියදුර හිඟය ද, මේ අයට පහසුකම් ඇත්තටම නොමැති තරම්ය. සුනාමියන් තිබුණු සම්පත්ද විනාශ වු අතර මේ සේවකයෝ ඇත්තටම විදින්නේ අපා දුකකි.

නමුත්, ලෝක පුදුමය වන්නේ මේ ආකාරයෙන් මේ පිරිස සිටින්නේ ලංකාවේ දැවැන්තම ගොඩනැගිලි හා පහසුකම් සහිත වු ගොඩනැගිලි සමුහයක් අසලයි. ඒවා දිරාපත් වේ. ඒ කොග්ගල බස් පර්යන්තය,මේ ආකාරයට, විනාශ වුවද මෙහි ප්‍රයෝජනයක් නොගන්නා නමුත්, ආයෝජන කලාපයට අයත් වු, මෙම ගොඩනැලි සමුහය, කොග්ගල බස් ඩිපෝවට දෙන්නට කිසිවෙක් මේවන තෙක්ද සමන් වුයේ නැත.

මෙයට දින කිහිපයකට පෙර නව යහපාලන ආණ්ඩුවේ,විෂය භාර ඇමති, රංජිත් මුද්දුම බණ්ඩාර මහතා ද පැමිණියේය. එම අවස්ථාවේ ද නිලධාරින් හා රියදුරු කොස්දෙස් තොරවරු කීවේ මෙම ගොඩනැගිලි සමුහය ඩිපෝවට ලබාදෙන මෙන්ය. දින නොව සති ගනණාවක් මෙන්ම මාස ගණනාවක් ගතවුයේය. තවම යහපාලන ආණ්ඩුවෙන්ද මෙම කටයුත්ත සිදු වන බවක් දැකිය නොහැකිය. මේ නිසා සේවකයෝ දැඩි අපහසුතාවයකට පත් සිටිති.

සත්තකින්ම,කොග්ගල, බස් පර්යන්තයම 1990 සිට ප්‍රයෝජනයක් ගෙන නොමැත.ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල නිලධාරීන් පවසන්නේ, මෙය, විවෘත කෙළේ 1995 දී බවයි.

මේ ආකාරයේ ජාතික සම්පත් විනාශ වෙද්දි කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයට, එන දස දහසකට අධික සේවන සේවිකාවෝ රැගෙන එන බස් තැන තැන, තැනින් තැන ගාල් කරවන්නේ. නමුත්, කොග්ල බස් නැවතුම් පොළ විනාශ වෙමින් පවති. වහළ ගැලවී ගොස්ය.රුපියල් ලක්ෂ කෝටි ගණනක් වටිනා වු දේ විනාශ වෙමින් පවති. මෙහි ලගින්නේ අයාලේ යන ගවයෝය. කපුටෝය. පරවියෝය. පොඩි අඩියක් ගසා පදමට සප්පායම් වන කොල්ලන් කුරුට්ටන්ය.මේ නිසා සිදුවන්නේ අපරාධ හා අපචාර රැසකි. මේ සඳහා තිබිරි ගෙයක් වු තෝතැන්න වු කොග්ලල බස් පර්යන්තය අද වන විට මහා අපරාධ ගුහාවක් බවට පත් වෙමන් තිබෙන බව, දැකිය හැක්කේ, එහි ගිය විටදීය. ගංජා උරණ පිරිස් මෙහි ගැවසි ඇති අතර, කුඩා ස්කාගාරයක්ද මෙහි පවත්වාගෙන යන්නේද යන්න විටක සිතේ,විවිධ ලිංගක ආවරණ හා ආරක්ෂිත ද්‍රව්‍ය ද තැන තැන තැනින් තැන දැකිය හැකිය. එවිට කාන්දරය මනාව කාට කාටත් වැටහේ.

මේ රටේ මේ ආකාරයට, මෙවැනි ජාතික සම්පත් විනාශ වෙන බව, රට කළ වු දනට  රට කරවන පාලකයෝ දැනගෙන උගෙන ගෙන සිටිති. එක් දුරකථන පණිවිඩයකින් මෙම වටිනා සම්පත් ආරක්ෂා කරන්නට යම් පියවරක් ගත යුතුව තිබේ. ඒ සඳහා හැකියාව ද ඇත. කොග්ගල බස් ඩිපෝවේ නිලධාරින් සේවකයන් අපමන යුගයකට යන්නට, මේ ආකාරයට දුක් විදිමින් ඉන්න හිටින්නට තැනක් නොමැතිව සිටිය දී මෙම ගොඩනැගිලි සමුහය,මේ අයට පවරා දෙන්නේ නම් වටනේය.

එවිට මෙහි නඩත්තුව, හා ආරක්ෂාව පරිස්සම,දැකිය හැකිය.  මෙය සිදු නොකර බෝල පාස් කරන රටක ජාතික ධනය හා මේ ආකාරයේ සම්පත් විනාශ වන ආකාරයක් දැකිය හැකිය. සත්කින්ම කළ යුත්තේ මෙම කටයුතු හිතා මතා සිදු නොකරන, සියලූම වගකිව යුතු දේශපාලන හා නිලධාරින්ට ගස් බැඳ රජ කාලයේ දඩුවම් දීමේ නවතම ක්‍රමයකි. නැතිනම් ශ්‍රී ලාංකිකයෝ කිසිදු දිනක හැදෙන පාටක් නම් නැත.

මෙයට අමතරව හබරාදුව බස් නැවතුම් පොළ මෙයට මාස තුනකට පෙර කඩා දමනු ලැබුවේ සන්ධාන තිබුණු ආණ්ඩුවයි. ඒ මහා උත්සවයක් තියා දින කිහිපයකින් සකස් කරන බව කියමින් පාලකයෝ මුල් ගලතබා ගියහ. නමුත් මාස ගණනක් යන තුරුම මුල් ගලට සීමා වු අතර යහපාලන ආණ්ඩුවෙන් මේවන විට බස් නැවතුම් පොළ සකස් කරමින් තිබේ. ඒ දින හැටකින් අවසන් කරන්නටය.

නමුත්, දැනට මාස ගණනාවක් හබරාදුව නගරයේ ජනතාවට මෙන්න කොග්ගල නිදහස් කලාපයේ සේවකයන්ට සිදුව ඇත්තේ වැස්සට තෙමි තෙමී අව්වට වියලෙමින් නගරයේ වෙළෙඳ සැල්වල අඟුපිළිවලට සිට බස් රථයක් එන තුරු බලා සිටින්නටයි.

ඡායාරූපවලින් සටහන – කොග්ගල බස් පර්යන්තයේ ඡායාරූප  කිහිපයකි.කොග්ගල බස් ඩිපෝද පිංතූර කිහිපක්ද මෙහි වෙති. හබරාදුව නගරයේ කඩා දමන්නට පෙර තිබුණු බස් නැවතුම් පොළෙහි ඡායාරූපයක් ද මෙහි වෙති.

සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ -ගාල්ල

57555373 DSCN0361 DSCN0382 DSCN0386 DSCN0387