ආණ්ඩුවේ ඉන්නේ ටිකක් වැරදි කරපු අය (Video)

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තවමත් දෙකඩවී නොමැති බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසයි.ඇය සදහන් කරන්නේ මහින්ද රාජපක්ෂටත් කැමතිනම් පමණක් ශ්‍රිලනිප පැමිණ කතා බහා කරමින් වැඩ කල හැකි බවයි.නමුත් ඔහු වැඩ කරනවා නම් ඔළුව නමා ගෙන වැඩ කටයුතු සිදුකල යුතු බවද චන්ද්‍රිකා බණ්ඩාරණායක අවධාරණය කලා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ,

මේ තරම් විනාශයකට ඇද දමා තිබෙන මේ රට ගොඩනගන්න නම් ජාතික ආණ්ඩුවක් ඇති කිරීම අත්‍යවශ්‍යයි.ජාතික ආණ්ඩුවක් එපා කියලා කියන්නේ රාජපක්ෂ ක්‍රමය ආපහු මේ රටට ගේන්න හදන අය.

රාජපක්ෂ කාලේ ටිකක් වැරදි කරපු අයත් අපිත් එක්ක ඉන්නවා.හැබැයි ඒ අයත් පැහැදිලිව පිළි අරගෙන තියනවා මේ පවතින ක්‍රමය වෙනස් විය යුතුයි කියලා.ඒ අය වැරදිකලා කියලා පිළිගන්නවා නම් අපිට කමක් නෑ.ඒ අය එක්ක අපි වැඩ කරනවා.ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙලා නෑ.

දැන් තව එක්කෙනෙක් පැරදිලා ගෙදර ගිහින් ආයෙත් එන්න දගලනවා.අපිට කමක් නෑ දගලන්න කියන්න.කවුරු කවුරුහරි නිකන් බත් එකක් කාලා අරක්කු එකක් බොන්න කැමතිනම් ගියාවේ.ඔය එහෙන් මෙහෙන් බස් ටිකක් අරගෙන ගිහින් නැටුවට මේ පක්ෂය විනාශ කරන්න බෑ.