නිමල් ,සම්බන්ධන් ,දිනේෂ් සීතල යුද්ධයක

0

පවතින ආණ්ඩුව තුළ ශ්‍රිලනිප පිරිස් අමාත්‍යධූර ලබා ගැනීම නිසා විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් ගැටළු රැසක් පැන නැගී තිබෙනවා.බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන්නේ විපක්ෂනායක ධූරය නිමල් සිරිපාලද සිල්වා හෙබවීම සදාචාර සම්පන්න නොවන බවයි.

ඒ අනුව විපක්ෂනායක ධූරය සදහා දෙමළ ජාතික සන්ධානයේ ආර් ,සම්බන්ධන්ගේ නමත් දිනේෂ් ගුණවර්ධනගේද නම් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ නම් සදහන් කරන්නේ විපක්ෂනායකම දැරීමට සුදුසුම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවයි.ඒ අනුව හෙට දිනයේදී කතානායකවරයා විසින් විපක්ෂනායකවරයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටද නියමිතව තිබේ.

මේ අතර විපක්ෂනායක ධූරය තවදුරටත් පවත්වා ගැනීම සදහා නිමල් සිරිපාලද සිල්වා විසින් වෙනමම වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.ඔහු විපක්ෂනායක ධූරයට පත් කිරීම වෙනුවෙන් මන්ත්‍රිවරු 68ක් අත්සන් කරමින් ලේඛනයක් සකස් කර ඇති බවද සදහන්. එසේම දිනේෂ් ගුණවර්ධනද විපක්ෂනායක ධූරයට පත් කිරීම වෙනුවෙන් වෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සදහා ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් 58 දෙනෙකු කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.