චීන තානාපති කාර්‍යාලයක් වසා දමයි

0

යේමනයේ පිහිටි චීන තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හුවා චුනියින්ග් පවසයි.චීන ජාතිකයින් 24 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ (06) යේමනයේ අල්-හොදයිදා බටහිර වරායෙන් ජිබුටි වෙත යැවීමට කටයුතු සැලසූ බවත් ඇය සදහන් කළා.

මේ අයුරින් චීන තානාපති කාර්‍යාලය තාවකාලිකව වසා දැමීමට හේතුව යේමනයේ පවතින අයහපත් ආරක්ෂක තත්වය බවත්, තානාපති කාර්‍යාලයේ සේවයේ නියුතු සියලු කාර්‍ය මණ්ඩලය චීන රජයේ සහයෙන් නැවත සිය රටට ගෙන්වා ගත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරිය වැඩිදුරටත් පැවසුවා.

යේමනයේ සිටි චීන ජාතිකයින් සහ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත යේමනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 45 දෙනෙකුද Linyi නාවික යාත්‍රාවෙන් පිටතට රැගෙන ඒමට චීන රජය කටයුතු කර තිබෙනවා.මීට අමතරව යේමනයේ සිටින තවත් රටවල් 15ක පුරවැසියන් 279 දෙනෙකු ද ඉවත් කිරීමට චීන රජය සහය ලබා දී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කලේ.