තිදෙනෙකු ඇසිඩ් කා රෝහලේ

0

ගාල්ල යක්කලමුල්ල කංකානම්ගේවත්ත ප්‍රදේශයේ දී ඇසිඩ් ප්‍රහාරයකින් තුවාල ලැබු තිදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ තරුණයන් දෙදෙනෙක් සහ කාන්තාවකි.

ඊයේ (06) රාත්‍රීයේ කුඩා දරුවෙකුගේ උපන්දින සාදයක දී ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසු මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලීසිය පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබේ.

(නිමල් අල්ගෙවත්ත )