යහපාලනයෙන් පිරිමි ලිංගය කැපීමේ සුදානමක්!

0

ලංකාවේ සැබෑ විපක්ෂයක් ඉන්නවා නම් අගමැතිට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒමට කටයුතු කලයුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.තවද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගට හැකිනම් මෙවර ගම්පහින් පාර්ලිමේන්තු මැතිවරණයට පැමිණ ප්‍රසන්න රණතුංගට වඩා එක ඡන්දයක් හෝ වැඩිපුර ගන්නා ලෙස ඔහු අභියෝගක්ද කලා.ඔහු මේ අභියෝගය සිදුකලේ ඊයේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මේ ආණ්ඩුව රටේ ස්ත්‍රී දූෂණය වැලැක්වීම සදහා පිරිමින්ගේ ලිංගික අවයවය කපා දැමීමට වුවද නීති ගෙන ඒමට හැකියාවක් ඇතැයි පිරිමින්ට මේ වන විට සාධාරණ බියක් පවතින බවයි එසේම ජාතික හෙළ උරුමය පහන් දැල්ලට අසු වූ බොලද දරුවන් බවට පත්ව තිබෙන බව ඔහු මෙහිදී අවධාරණය කළා.තවද හංස මැතිවරණ ප්‍රකාශය තුළ ඉර හද ඇර අනෙක් සියලු දේ පොරොන්දු වූ නිසා මේ වන විට අසරණ වී ඇති බව ඔහු ප්‍රකාශ කලා.

එමෙන්ම බිත්තර ආප්ප,ප්ලේන්ටි වැනි ප්‍රමිතියක් නැති භාණ්ඩ සදහා ප්‍රමිතියක් දී ඒ සදහා පාලන මිලක් නියම කීරීම, වැරදි මූල්‍ය කලමණාකරනය වැනි දේ තුල රටේ අනාගතය යහපාලනය විසින් අගාධයට ගෙන යමින් ඇති නිසා මේ වෙනස් පාලනය වෙනස් කල යුතු කාලය බව ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.