JVP,JHU අමු අමුවේ හෙළුවෙන්!

0

යහපාලන අවුල් හවුල රට අවුලට ගෙනයන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් පවසනවා.ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය “අපි විරුද්ධ වෙනවා ඔයගොල්ලො කරගෙන යන්න” යන සටන්පාටය පෙරටුකරගෙන අවුල කර ගෙන යන්නට එක්සත් ජාතික පක්ෂයට උදවු කරන බවත් එහෙයින් ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙල උරුමයේ නිරුවත ජනතාව තේරුම් ගත යුතු යැයි මොහොමඩ් මුසම්මිල් පැවසුවා.ඔහු මේ බව ප්‍රකශ කලේ ඊයේ නාරහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකටම එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වු මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ චන්ද්‍රිකා කුමාරතුංග පසුගිය දිනවල මහින්ද රජපක්ෂට පවුල් පාලනයක් ගෙන ගිය බවට අවලාද නැගුවද එතුමිය ජනාධිපති සමයේ අගමැති, කතානායක, අරක්ෂක ඇමති යන ධුරයන් හෙබවුයේ ඇයගේ පවුලේ උදවිය බවත් එවන් පවුල් පාලනයක් තවත් නොතිබුනු බවයි. තවද මෙවර සිංහල අලුත් අවුරුද්ද බිත්තර අප්පයක් කා ප්ලේන්ටියක් බී සමරන්නයැයි ඔහු ජනතාවට ආරාධනයක්ද කලා.