මහින්දට බැරිවුණදේ අපි දින 88න් කලා

0

රාජපක්ෂ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය සහිතව ඉටු කරන්නට නොහැකි වූ දේ යහපාලනයේ ගෙවුන දින 88 තුල ඉටු කල බවත් එය ලාංකීය දේශපාලන තුල විශිෂ්ඨ වාර්තාවක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ පාර්ලිමේන්තුව අමතමින්ය.පාර්ලිමේන්තුව විසුරවන්නට ප්‍රථම දින 100 පොරන්දු සියල්ල ඉටු කරන බවත් දින 100න් පසු යහපාලනයේ ප්‍රගති වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැතිවරයා අවධාරණය කලා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පවසා සිටියේ දින 100 පොරොන්දුව අනුව මනාප ක්‍රමය සහමුලින්ම තුරන් කර මන්ත්‍රී ආසන ක්‍රමයක් හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමයක් පිලිබදව ජාතික විධායක සභාව මේ වන විට එකගතාවයකට පැමිණ ඇති බවයි.එසේම යහපාලනයට කටයුතු කරන්නට සිදු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය විකෘත්තිවූ දේශපාලනයට යට වූ,තලා පෙලා පගා දැමූ රාජ්‍ය නිලධාරින් පිරිසක් සමග බවත් ඒ අභියෝගයට යහපාලනය ඉතා සාර්ථකව මේ දින කිහිපය තුල මුහුණදී ඇති බවද අගමැතිවරයා සදහන් කලා.