පුටුවක් දුන්නත් වාඩි වෙච්ච් නැති ඇමති

0

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය දින පුරාවටම රාජපක්ෂවරුන්ගේ රෙදි ගලවමින් තැනින් තැන ඇවිදමින් යහපාලන ඔඩොක්කුවේ සැතපීමට කටයුතු කල බව අද දන්නෝ හොදාකාරවම දනී.මර්වින්ලා අමාත්‍යවරුන්වී සිටිය කාලයේදී ඔවුන් කල ජඩකම් සියල්ල අද රාජපක්ෂවරුන් වෙත පැටවීමට ඔවුන් උත්සහ කලද ඒ සියල්ලක්ම දොහොත් මුදුනෙන් පිළිගැනීමට මෙරට ජනයා අන්ධ ,බිහිරන් නොවේ.

මර්වින් සිල්වා රාජපක්ෂ ආණ්ඩුව තුළදී මහින්ද රාජපක්ෂට දිවට දිව ගා ගෙන සිටියද දැන් රාජපක්ෂවරුන් පතුරු ගසන්නේ කන්න දීපූ අත සපා කෑමේ දැඩි අධිෂ්ඨානය ඇතිවයි.එවැනි අයට භාවිතා කල යුතු නම් ජනතාව විසින් තෝරා බේරා ගත යුතු අතරම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් එවන් අයට භාවිතා කල යුතු නමක් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පැවසුවා.

ඔහු කියා සිටියේ ,

අපි වැරදි කලා තමයි,දැන් ඒවා අපිට අවබෝධ වෙනවා.සමහර වැරදී පුද්ගලයෝ එක්ක අපි ඉන්නවා.ඒ අය කරන වැරදි වලට දඩුවම් කරන්නේ නැතුව අපි පැත්තකට වෙලා ඉන්නවා නොදැක්කා වගේ.

මේ සියල්ලම අපෙන් වෙච්ච අඩුපාඩුකම්.මගේ ළගට ඇවිත් කවදාවත් පුටුවක් දුන්නත් වාඩි වෙන්නේ නැති සමහර අය ,බිමවාඩි වෙලා හිටපු අය අද කියන කතා ඇහුවාම මටම පුදුමයි.මෙහෙමත් අසත් පුරුෂයෝ ඉන්නවාද ?මම අදුන ගන්නවා වගේම ජනතාවත් මේ අය අදුන ගනී කියලා මම විශ්වාස කරනවා.මහින්ද රාජපක්ෂ

(පුටුවක් දුන්නත් රාජපක්ෂ ඉදුල් සේදූ පාදඩ ඇමති )

marvin