අස්ගිරි මහා නා හිමි ආදාහනය ඉරිදා

0

සිංගප්පූරුවේ මවුන්ත් එලිසබෙත් රෝහලේ දී අපවත් වී වදාල උඩුගුම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමිගේ දේහය බ්‍රහස්පතින්දා හෙට (09) ශ්‍රී ලංකාවට වැඩම කර වීමට නියමිතයි.පසුව කටුනායක සිට රිය පෙරහරකින් දේහය අස්ගිරි මහා විහාරයට වැඩම කිරිමට නියමිත අතර අවසන් කටයුතු සිදු කැරෙන 12 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස රජය අද ප්‍රකාශ කළා.