අනේ අපොයි අපේ විපක්ෂනායක!

0

විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා දැන් නම් ඇදගෙන නා ගැනීම දිනපතාම සිදුකරනු ඇති.විටින් විට ප්‍රතිපත්ති ,තීන්දු තීරණ වෙනස් කරන මේ විපක්ෂනායකවරයා නිසා අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පමණක් නොව සමාන්‍ය ජනතාවද කලකිරීමකට ලක්ව ඇති බව ඔහු සම්බන්ධයෙන් අප ලියන ලද ප්‍රවෘත්ති වලට ලැබෙන ජනතා අදහස් වලින් පැහැදිලිවේ.

වසර ගණනාවක පටන් අප රට තුළ විපක්ෂයක් නොතිබුණ අප අප අමුතුවෙන් සදහන් කල යුතු නැත.මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළත් පැවති එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ කාර්ය භාරය හරි හැටි නොකිරීම නිසා ජනතා ඉදිරිපිට අලියා කොරවූ අවස්ථා අනන්තයි අප්‍රමාණයි.

පසුගිය දින පුරාවටම නිමල් සිරිපාලද සිල්වා අගමැති සිහිනයක් වෙනුවෙන් කුරුමානම් අල්ලමින් දවස ගත කරන්නට විය.පසුව එය මේ ආත්මෙටවත් සඵල නොවන බව දන්නා විපක්ෂනායකවරයා තමන්ගේ බල කෑදරකම තව තවත් සනාත කිරීම සදහා විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් ඇලි ගැලී කටයුතු කරන්නට විය.ඔහු මේ දිනවලදී විපක්ෂයේ වගකීම පවා අමතක කරමින් තම පුටුව රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නේ එක පිට එක බාල්දි පෙරලා ගැනීමෙන් බව අප අමුතුවෙන් ප්‍රකාශ කල යුතු නෑ.

ඊයේ (08) දිනයේදීත් නිමල් සිරිපාලද සිල්වා පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් අදහසක් පල කලා.ඔහු කියා සිටියේ ,කරුණු වැරදි ආකාරයට ඉදිරිපත් කරමින් විපක්ෂනායක ධූරය ලබා ගැනීමට යම් කෙනෙකුට අවශ්‍ය වන්නේ නම් එයට තමන්ගෙන් කිසිදු බාධාවක් නොමැති බවයි.නමුත් පිටිපස්සෙන් පිහියෙන් ඇනීම සිදු නොකල යුතු බවද ඔහු ප්‍රකාශ කලා.