වායු දුෂණයට එරෙහිව ඉන්දියාව සිරුවෙන් (Photos)

0

ඉන්දියාව තුළ නාගරික වායූ දූෂණය අවම කිරීමේ අරමුණින් වායූ දූෂණ දර්ශකයක් ආරම්භ කිරීමට, ඉන්දියාව කටයුතු කර තිබෙනවා. ඉන්දියාව තුළ මෙය ක්‍රියාත්මක කරන ප්‍රථම වතාව ද මෙය වන බවයි ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී නව දිල්ලියේ පැවති පරිසර සහා වන සම්පත් අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින් කියා සිටියේ.

ඉන්දියාවේ තෝරගත් නගර 10ක් තුළ මෙම වායූ දූෂණ දර්ශක ආරම්භ කරන බවත්, එමගින් එම නගරවල වාතයේ පවතින ගුණාත්මකභාවය මැන බලා නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන බවත් සමුළුවේදී ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඉවතලන අපද්‍රව්‍ය කප්පාදු කිරීම, සම්පත් සුරැකීම, ගමන් බිමන් සදහා පාපැදි භාවිතා කිරීම සහ පුන් සද පායා ඇති දින වලදී වීදී ලාම්පූ නිවා දැමීම ආදී වැදගත් කරුණු කාරණා සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති නරේන්ද්‍ර මෝදී කියා සිටියේ, මේ හරහා ලෝකයේ සියලු රටවල්වලට ආදර්ශයක් ලබා දීමට ඉන්දියාව කටයුතු කල යුතු බවයි.

කෙසේ වෙතත් ලෝකය තුළ දරුණු ලෙස වායූ දූෂණයට ලක් වූ නගර 20න්, 13ක් ම තිබෙන්නේ ඉන්දියාව තුළ බවයි 2014 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකල සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ.

71383465-air-pollution-400x250 air_pollution10