සුජීව කාන්තාවන්ගෙන් සමාව ගත යුතුයි! (Video)

0

අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සමස්ත කාන්තාවන්ගෙන්ම සමාව ගත යුතු බව රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි පවසයි.කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කලා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී සුජීව සේනසිංහ මන්ත්‍රී මාලනී ෆොන්සේකාට අපහාස කල බවට චෝදනා කරමිනුයි ජැකසන් ඇන්තනී මේ බව සදහන් කලේ.

සුජීව සේනසිංහ අපහාස කලේ මාලනි ෆොන්සේකාට නොව සමස්ත කලා ක්ෂේස්ත්‍රයට බව පෙන්වාදුන් ජැක්සන් ඇන්තනී දිගින් දිගටම අවධාරණය කලේ ,සුජීව සේනසිංහ ඇමතිවරයා ප්‍රසිද්ධියේ සමස්ත කාන්තා සමාජයෙන්ම සමාව ගත යුතු බවයි.

මේ මාධ්‍ය හමුව සදහා රවීන්ද්‍ර රන්දෙණිය, ඕෂධී හේවාමද්දුම, සුදත් රෝහණ, අජිත් ලොකුගේ, නීලා වික්‍රමසිංහ ඇතුළු කලාකරුවන් රැසක් සහභාගිවූ අතර ඒ සියළු දෙනාම ප්‍රකාශ කලේ සුජීව සේනසිංහ අමාත්‍යරයා මාලනි ෆොන්සේකාගෙන් සමාව ගත යුතු බවයි.

පහත දැක්වෙන්නේ සුජීව සේනසිංහ අමාත්‍යරයා මාලනි ෆොන්සේකා සම්බන්ධයෙන් කල ප්‍රකාශයයි.