ඇමතිධූරයෙන් මම අයින් වෙනවා ?

0

ජනාධිපතිවරයාගේ බලතල අඩු කරමින් අග්‍රාමාත්‍යරයාගේ බලතල වැඩිකර 19 වැනි සංශෝදනය ගෙන ඒම සිදුකලහොත් ඡන්දය ලබා දීමෙන් වැළකී අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා ආබේවර්ධන පවසයි.ඔහු මේ බව කියා සිටියේ මාතර පැවති උත්සවයකට එක් වෙමිනි.

මේ ප්‍රශ්න ඇත්වීමට මූලිකම හේතුව රනිල් වික්‍රමසිංහ එක්වරම මුළු ආණ්ඩුවම තමන්ගේ කරගනිමින් හැසිරීම බවද අමාත්‍යරයා පෙන්වා දුන්නා.

තමාට ලැබුණු අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු ලෝභයක් නොමැති බවත් 19 සහ 20 යන සංශෝදන දෙක එකට ගෙන ඒම සිදුකලහොත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත්ව ඒ සදහා විරෝධය පල කරන බවද අමාත්‍යරයා වැඩිදුරටත් කියා සිටියා.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකම වේදිකාවකට නැගීම සිදුකලහොත් ශ්‍රිලනිප ජයග්‍රහණය පිළිබදව කිසිදු සැකයක් නොමැති බවයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යරයා අවධාරණය කලේ.