අලියා කොර වේ!

0

ඉදිරි මහ මැතිවරණයේදී එජාප දේශපාලන වේදිකාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පැමිණීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දිනෙන් දිනම හීන මාළිගා තනන්නට විය.පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට මෙරට ජනාධිපති බවට පත්වීම සදහා ඉතාමත් ඕනෑකමකින් උපකාර කලේ එක්සත් ජාතික පක්ෂයයි.ඒ නිසාම අවස්ථා කීපයකදීම මෛත්‍රිපාල සිරිසේන එජාපයේ බූදයලක් බවට පත් කරගත්තා.දිගින් දිගටම ඒ පිළිබද සිහිපත් කරමින් කාලය ගත කල එජාපයට අද එම සිහීනය ඉටු නොවන සිහිනයක් බවට පත්වෙන බවට වන පෙරනිමිති පහල වෙමින් පවතී.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වුණා. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී ශ්‍රිලනිප ජයග්‍රහණයක් ලැබීමට නම් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරණායක ,මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය දි .මූ ජයරත්නද එකට එකතුවිය යුතු බවයි.

ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයත් සමගින් එජාපය තුළ දැඩි නොසන්සුන්තාවයක් ඇතිව ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා.එජාපය සමගින්ම එකට සිටී ජනාධිපතිවරයා හදිස්සියේම මෙවැනි ප්‍රකාශයක් ලබා දීම නිසා එජාපයේ මැතිවරණ වැඩපිළිවෙලද අර්බුධයකට ලක්වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.