අපි නැත්තම් මෛත්‍රි අන්ත පරාදයි!

0

ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ ඡන්ද නොලැබුණේ නම් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ඡන්ද ලක්ෂ 10කින් පරාජයට පත්වීම සිදුවනු ඇති බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.ඔහු මේ බව කියා සිටියේ කටුගස්තොට බෞද්ධ බලමණ්ඩල ශාලාවේ පැවති රැස්වීමකදීය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කරවීම සදහා තමන් කටයුතු කලේ එතෙක් පැවති දරදඩු පාලනය අපේ රටට ඔරොත්තු නොදුන් නිසා බවද ෆොන්සේකා සදහන් කලා.ඒ පාලනය පෙරලා දැමීම සදහා දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් තමන් ඉමහත් සතුටට පත්වන බවත් ප්‍රජාතන්ත්‍රවාදි තම පක්ෂය පොදු අපේක්ෂකයාට ඡන්දය ලබා නොදුන්නා නම් ඔහුට ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොලැබෙන බවද ෆොන්සේකා අවධාරණය කලා.

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ එජාපය පමණක් විශ්වාස කිරීමෙන් පමණක් නොවන බවත් එජාපය පමණක් විශාවස කලා නම් ඔහු ජිවීතේටවත් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන බවද ෆොන්සේකා කියා සිටියා.