19 ගැන බලාගන්නම් (Audio)

0

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපතිවරයාට ඒකරාශී වී තිබෙන විධායක බලතල සම්බන්ධයෙන් පසුගිය දශක 02කට ආසන්න කාලයේ අප රටේ ජනතාව පමණක් නොව ජාත්‍යන්තර ජනතාව ද නිරීක්ෂණය කළ බවත්, ප්‍රජාත්‍රන්තවාදයට එය හානිකර තත්වයක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි . ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(10) පැවති මාධ්‍ය හමුවේදී යි.

පසුගිය සමයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියා කටවචනයට පැවසුවත්, සත්‍ය වශයෙන් ම එහිදී අදහස් කළේ විධායක බලතල ජානධිපතිවරයාගෙන් ඉවත් කර සාමූහිකව වග කියන අමාත්‍ය මණ්ඩලයකට එම බලතල ලබා දීම බවත්, කිසිදු රටක විධායක අගමැති ක්‍රමයක් ලෙස හදුන්වන්නක් නොමැති අතර අගමැති යනු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා පමණක් බවයි.

ඉදිරි මහ මැතිවරණයෙන් පසු බලයට පත්වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව අවධාරණය කල විජයදාස රාජපක්ෂ ප්‍රකාෂ කලේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ද සීයයට සීයයක් ම පිළිගන්නා බවයි.

පැවති ආණ්ඩුව සමයේදී අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි වන සේ දැඩි බලපෑමක් තිබු බවත්, නිදහස් අධිකරණයක් නොමැති රටක මිනිසුන්ට නිදහසේ ජීවත් වීමට අයිතියක් ද නොමැති බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කළේ.