රාජපක්ෂලා මිලියන 375ක් ගසා කලා (Audio)

0

ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 375ක් පැවැති ආණ්ඩුව සිය දේශපාලන ව්‍යාපෘති සඳහා යොදවා ඇතැයි එම මණ්ඩලයේ සභාපති ශ්‍යාමිලා පෙරේරා පවසයි.ඇය මේ බව සදහන් කලේ අද (10) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම මුදල වැය කර ඇත්තේ අයවැයෙන් ආයතන ප්‍රවර්ධනය සඳහා වෙන්කර තිබූ මුදලින් බවයි ඇය අනාවරණ කළේ.පසුගිය වසරේ අයවැයෙන් ආයතන ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කර තිබුණ නමුත් ඉන් මිලියන 375ක් මෙලෙස වැය කර ඇති බව ඇය පෙන්වා දුන්නා.ඉකුත් වසරේ නොවැම්බර්, දෙසැම්බර් සහ මෙම වසරේ ජනවාරි යන මාසවල මෙම මුදලින් මිලියන 200ක් වැය කර ඇති බවයි ඇය කියා සිටියේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍යාමිලා පෙරේරා,

අපි කල විමර්ශන වලදී 2014 නොවැම්බර් මාසයේ සිට ජනවාරි මාසය දක්වා තුන් මාසය තුල සිදු වූ සාමාන්‍ය තත්වයෙන් ඔබ්බට ගිය වියදම්,මේවා සියල්ලම කරලා තියෙන්නේ මැතිවරණය අරමුණ කර ගෙන. එසේම රටපුරා පෝලිම් බූත් 150ක් ස්ථාපනය කරලා තියනවා. ඒවා ඔක්කොම හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූප සහිතව තමයි තියෙන්නේ.

ජාතික ලොතරැයි මණ්ඩලය කියලා පුංචියට ලියලා තියනවා .ඒ ඇරුණම සංගීත සංදර්ශන දන්සල් කෑම සදහා කාල්ටන් නෙට් වර්ක් එකේ මැරතන් එකකට සල්ලි දීල තියනවා .බුදුපිලිම වලට මුදල් රාශියක් වියදම් කරල තියනවා. මේවා ලොතරැයි මණ්ඩලෙන් ගෙවන්නේ.අපි ඒවා දූෂණ විමර්ශන අංශයට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා .