අත දිග ඇරලා දීපූ නිසා අය වැය හිගයක් ඇති වුණා (Audio)

0

මේ වන විට රජයේ සේවකයන්ගේ පඩි ගෙවා ඇති බවත් ඒ සම්බන්ධ කිසිදු ප්‍රශ්නයක් දැන් නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (10) පැවති මාධ්‍ය හමුවකදීය.එසේම තමන් ඉතා ආරක්ෂිතව බදු ගෙවන්නන්ගේ මුදල් කළමණාකරනය කරන බවද ඔහු ප්‍රකාශ කලා.

යහපාලනය ජනතාවට සහන ලබාදී තිබෙන අතරම දූෂණය නතර කොට ඇති බවත් යහපාලන ආණ්ඩුවේ වෙනස මෙය බවත් මෙවැනි දේ කරපු නිසා අයවැය හිගයක් ඇති වෙලා තිබෙන බවත් එය ආදායම් වැඩි කරමින් පියවන බව ඔහු පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක ,

මේ වගේ දේවල් වලක්වන්න අපි කටයුතු කරද්දි තමයි සංවර්ධන අඩු වෙලා කියල විපක්ෂය චෝදනා කරන්නේ. අපි කරලා තියෙන්නේ ඇත්තට ම සංවර්ධනය නවත්තපු එක නෙවෙයි දූෂණය නවත්තපු එකයි. බදු ගෙවන්නන්ගේ මුදල් අපි මනා කළමනාකාරීත්වයෙන් යුතුව භාවිතා කරනවා.