බේබදුකම නිසා දිනකට කෝටි 40ක් සුන් ! (Audio & Photo)

0

අප රටේ තිබෙන විශාලම ප්‍රශ්ණය බේබදුකම බවත්, ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් නිල වශයෙන් දිනකට කෝටි 40කට අසන්න මුදලක් ඒ සදහා වියදම් කරන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පැවසුවා.උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

විශේෂයෙන්ම බේබදුකමට ඇබ්බැහි වී සිටින්නන්ගෙන් උන්වහන්සේ ඉල්ලා සිටියේ, හිරු මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන ඒ සුබ මොහොතේ තමන් දැඩිව සිතට ගත යුතු කාරණාව බේබදුකමින් මිදීම බවයි. ලබන්නා වූ නව අවුරුද්ද පවුලේ සමගිය, ගමේ සමගිය ඇති බේබදුකමින් තොර, අනතුරු අවම අවුරුද්දක් බවට පත් කර ගන්නා ලෙසත් තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව උන්වහසේ ප්‍රකාශ කලා.

20150410_131945