මම කුමන්ත්‍රණය පැරැද්දුවා!

0

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් අග‍්‍රාමාත්‍යවරයා මෙරට ප‍්‍රධාන විධායකයා වීම සඳහා ගෙන ගිය ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය මේ වන විට පරාජය වී ඇතැයි අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.

ජාතික හෙළ උරුමය විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිර්දේශවලට අනුව එහි තිබු හානිකර වගන්ති ඉවත් කර ගැනීමට ආණ්ඩුවට සිදුවී ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාට එරෙහිව පොලිසිය විසින් විභාග කෙරෙන පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ තමන් කිසිවෙකු සමග තමන්ට පෞද්ගලික අමනාපයක් නැතැයි ද තමන්ට අවශ්‍ය වන්නේ සිදුව ඇති අකටයුතුකම් රටට හෙලිකිරීම පමණක් බවයි.