මහින්ද බබා පාර්ට් එකක් දෙයි (Video)

0

කොළඹ හයිට් පිටියේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මැයි දින රැළියට හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කිරීම සදහා වන ලිපිය ශ්‍රිලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා විසින් මහින්ද රාජපක්ෂට ලබා දූන්නත් මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඉදිරියේ කිසිවක් නොදන්නා ආකාරයට කතා කලා.

දකුණු පළාත් මහජන නියෝජිතයන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා නාරාහේන්පිට අභයාරාමයේදී පැවති අතර ඒ රැස්වීම අතරතුරේදී එම ස්ථානයට ශ්‍රිලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පැමිණියා.ඔහු ප්‍රකාශ කලේ ශ්‍රිලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ අනුමැතිය මත නිදහස් පක්ෂයේ මැයි දින රැලියට මහින්ද රාජපක්ෂට ආරාධනා කිරීමට වන ලිපිය ඔහුට භාරදීමට පැමිණි බවයි.

නමුත් මහින්ද රාජපක්ෂගෙන් පැමිණ සිටී මාධ්‍ය වේදීන් මේ බව විමසූ විට ඔහු කියා සිටියේ ,ඒ ලිපියේ මොනවාද තියෙන්නේ කියලාවත් තමන් නොදන්නා බවයි.