රටකට ඕනෑ අපමණ අගයක් -ඒකට ඕනෑ පණ ඇති මිනිහෙක්! (Video)

0

මෛත්‍රිපාල සිරිසේනට දැන් ගෙදරයා යුතු කාලය උදාවී ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (10) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ,

‘‘අපි හැමදාම කියන බුදු වදනක් තියෙනවා. නායකයෙක් නැත්නම් රටක් විනාශ වෙනවා. නායකයො ගොඩක් හිටියත් එහෙමයි. දැන් මේකෙ නායකයො රොත්තයි. මේ ඔක්කොම දැන් කොහොල්ලැ ගුලියක් බදා ගත්ත කොහොල්ලැ බබාල වගේ. ඒක හින්දා සිරිසේන මහත්තයෝ දැන් යන්න කාලේ හරි. කවුරු හරි හොඳ නායකයෙක් ඕනි. එක්කෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි.

මේ ඉතිහාසයේ කිසිම දවසක හිටපු නායකයෙකුට හෝ ඉන්න නායකයෙකුට සභාව තුළ “හූ “කියලා නෑ.අර කුරුණෑගලදී සිද්ධ වුණේ ඉතාම කණගාටුදායක සිදුවීමක් .

මෛත්‍රිපාල සිරිසේන කියන්නේ හොද රත්තරං මිනිහෙක්.හැබැයි නායකයෙක් නෙමෙයි.රටකට ඕනෑ අපමණ අගයක් -ඒකට ඕනෑ පණ ඇති මිනිහෙක්.දින 90ක් යනකොට රටේ නායකයාට සභාවක් තුළ හූ කියන හඩ එනතරමටම පිරිහිලා නම් ,

එක්කෝ මේක හරියට කරන්න ඕනේ.නැත්තම් දාලා යන්න ඕනේ.අපි සිරිසේන මහත්තයාට කියනවා ,සිරිසේන මහත්තයෝ මේක ඔබට කරන්න බෑ.