වතුකරයේ සෞඛ්‍යට හොද කලක්!

0

වතුකරයේ ජනතාවගේ සහ හැටන් ප‍්‍රදේශයේ ග‍්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම සඳහා ඉන්දියානු රජයේ රු.කෝටි පන්සියයක (500) වියදමින් දික්ඔය මූලික රෝහල අභියස ඉදිකරන ලද අංගසම්පූර්ණ නව රෝහල් පරිශ‍්‍රය නිරීෂණ චාරිකාවකට ඉන්දියානු මහ කොමසාරිස් ඩබ්ලිව්.කේ.සිංහා අද (11) පැමිණියා.

දික්ඔය මූලික රෝහලේ අධ්‍යඏක අන්වර් හම්දානිගේ ආරාධනාවක් අනුව ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙම නිරීෂණ චාරිකාවට එක්වුනා. දැනට සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් කටයුතු අවසන්වී ඇති මෙම නව රෝහල් සංකීර්ණය පසුගියදා දි්වයිනට පැමිණි ඉන්දීයානු අග‍්‍රාමාත්‍ය මෝදි මහතා අතින් විවෘත කිරීමට නියමිතව තිබුණත් පසුව එම තීරණය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් වෙනස්කරනු ලැබුවා. මෙම නව රෝහල් සංකීර්ණය තුළ ඇදන් එකසිය පනහකින් (150) සමන්විත වන අතර ශෙල්‍යාගාර දෙකක් (2)බාහිර රෝගී අංශ දෙකක් (2) රෝගීන් රැුගෙනයාම සඳහා රෝහල් සංකීර්ණය තුළ විදුලි සෝපානයක් ඇතුලු සෞඛ්‍ය පහසුකම් ගණනාවක් මෙම වාට්ටු සංකීර්ණයට ඇතුලත්ය. මෙම නව රෝහල් සංකීර්ණයට අවශ්‍ය නවීන උපකරණ ඉන්දීය රජයෙන් ලබාදීමට නියමිතය.
මෙම නව රෝහල් සංකීර්ණය දික්ඔය මූලික රෝහලේ සංවර්ධන කමිටුවේ යෝජනාවක් අනුව මහත්මාගාන්ධි නමින් නම් කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේ්තුව, මහත්මාගාන්ධි පදනම සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අනුමැතිය ලබාදි තිබුණා. මෙම නව රෝහල් සංකීර්ණය කඩිනමින් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන බව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡුාවකදී ඉන්දියානු මහ කොමසාරිස්වරයා පවසා සිටියා.
මෙම අවස්ථාවට ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් (මධ්‍යම පළාත්) රාධා වෙන්කඩ රාමන් ඇතුලු මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ නිළධාරීන් මෙන්ම දික්ඔය මූලික රෝහලේ රෝහල් සංවර්ධන කමිටුවද සහභාගීවුනා. මෙම නව රෝහල් සංකීර්ණයට 2012 වසරේ මුල්ගල තබනු ලැබුවේ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනය.
-හැටන් රංජිත් රාජපක්ෂ –

 DSC08154 DSC08205 DSC08222