බලුකිස්තානයේ 20ක් සමූල ඝාතනයට!

0

නිරිත දිග පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රදේශයේ වේල්ලක සේවය කරමින් සිටි 20කට ආසන්න පිරිසක් සමූල ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක් වූවන් අතරින් බහුතරයක් කම්කරුවන් වන අතර ඔවුන් නිදාගෙන සිටිය දී නාදුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා සදහන් කළේ.

මෙම නිදා සිටි කම්කරුවන් ඝාතනය කිරීමට පෙර ආරක්ෂක භටයින් 8 දෙනෙකුට ද වෙඩි තබා තිබෙන අතර මෙය සිදූ වී ඇත්තේ ඊයේ (10) රාත්‍රීයේදී යි. මෙම ඝාතකයින් කවුරුන්ද යන්න තවමත් සොයා ගෙන නොමැති අතර ඔවුන් පැමිණ ඇත්තේ යතුරු පැදිවලින් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.