බන්දුල,සාලින්ද සමග 5ක් දොට්ට(Update)

0

පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන සහ සාලින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර තිබේ.

බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කලේ ,එයට අදාළ ලිපිය තමාට ලැබුණු බවයි.එහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අත්සන් කර ඇති බවද මන්ත්‍රිවරයා කියා සිටියා.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයකට එරෙහිව ක්‍රියාකිරීම හේතුවෙන් පක්ෂයෙන් ඉවත් කර ඇති බවයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කලේ.

……………………………………………………………………………………………

සාලින්ද දිසානායක,බන්දුල ගුණවර්ධන යන දෙදෙනාට අමතරව එස් එම් චන්ද්‍රසේන, ටී බී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන යන අයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.