මහින්දගේ කැබිනට් එකට රුදාව

0

එදා කැබිනට් මණ්ඩලයේ දී ජනතාවට ලබා දෙන සහන පිළිබඳ කතා කිරීමට අපොහොසත් වූ ඇතැමුන් අද විපක්ෂයට වී ජනතා සහන ගැන ප්‍රශ්න මතු කරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.අමාත්‍යරයා මේ බව සදහන් කලේ ,මාලබේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය රවී කරුණානායක ,

ඉදිරියේදී ඔබේ ඡන්දය පාවිච්චි කරලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න.ඒක නවත්තන්න තමයි දිනේෂ් ගුණවර්ධණලා ,විමල් වීරවංශලා ,ඩිව් ගුණසේකරලා ,වාසු දේව නානයක්කාරලා බෙරිහන් දෙන්නේ.ඒ අයට තමයි ඔය රුදාව තියෙන්නේ.දැන් අපිට භය වෙලා මේ අය අපිට විශ්වාස භංග යෝජනා ගේන්න හදනවා.

අපි ජනතාවට සහන දෙනකොට ඒක මේ අයට බලාගෙන ඉන්න බෑ.ඒ කොහොම නමුත් ඉදිරි මහ මැතිවරණයේදී අති විශාල ජයක් එක්සත් ජාතික පක්ෂය විසින් ලබා ගන්නවා.