ජර මර අස්සේ බර කරත්ත

0

විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් වන ගැටුම උග්‍ර අතට හැරෙමින් පවතින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.සිංහල හින්දු අළුත් අවුරුද්දට ප්‍රථමයෙන් විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීමට කතානායක චමල් රාජපක්ෂ කටයුතු කරන බවට ප්‍රකාශ කලද ඔහු එම වගකීම සුසිල් ප්‍රේමජයන්තට පැවරුවා.

ඔහුද ප්‍රකාශ කලේ අළුත් අවුරුද්දෙන් පසුව විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන බවයි.නිමල් සිරිපාලද සිල්වා ,දිනේෂ් ගුණවර්ධන සහ ආර් .සම්බන්ධන්ගේ නම විපක්ෂනායක ධූරයට යෝජනාවී ඇති අතර උණුසුම්කාරි තත්වයක් පවතින්නේ නිමල් සිරිපාලද සිල්වා සහ දිනේෂ් ගුණවර්ධනයි.

මේ අතර නිමල් සිරිපාලද සිල්වා නම් ප්‍රකාශ කරන්නේ තමන්ට විපක්ෂනායක වීම සදහා කිසිදු බාධාවක් නොමැති බවයි.ඔහු අවධාරණය කරන්නේ ශ්‍රිලනිප පිරිස් අමාත්‍යධූර ලබා ගැනීම තමන්ට විපක්ෂනායක ධූරය ලබා ගැනීමට කිසිදු බාධාවක් නොවන බවයි.