ශ්‍රිලනිප තවත් පිරිසකට අබසරණයි!

0

ඉදිරි දිනවලදී ශ්‍රිලනිප තවත් මන්ත්‍රිවරු කීප දෙනෙකුම මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමේ සුදානමක් පවතින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.පසුගිය දිනවලදී බන්දුල ගුණවර්ධන ,ටි .බී ඒකනායක ඇතුළු පස් දෙනෙකු ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමට එම පක්ෂය කටයුතු කලා.

ඉන්පසුව පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම පිරිස කියා සිටියේ තම තමන්ව ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමට හේතු නොදන්නා බවයි.මහින්ද රාජපක්ෂ වටා ඒකරාශිවී සිටීම එයට බලපෑ හේතු විය හැකි බවද ඔවුන් පසුව මාධ්‍ය ඉදිරියේදී කියා සිටියා.

මේ අතර ඉදිරි දිනවලදී තවත් තිදෙනෙකු මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමේ සුදානමක් පවතී.එසේම බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙන්ම කුමාර වෙල්ගම ශ්‍රි ලනිප දරන තනතුරු වලින් ඉවත් කිරීමේ සුදානමක් පවතින බවද වැඩිදුරටත් වාර්තා වේ.