ඕං අපිත් කොළඹ එනවා! (Photos)

0

සිංහල,හින්දු අලුත් අවුරුද්ද සදහා ගම් බිම් බලා පිටත්ව ගිය බොහෝ දෙනෙකු අද නැවත කොළඹ බලා පැමිණියා.ඒ අය වෙනුවෙන් විශේෂ බස් රථ වගේම දුම්රිය සැපයීම බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක් වුණා.

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කල සාමාන්‍ය දුම්රියන්වල විශාල මගීන් පිරිසක් එක්වී තිබෙනවා, බදුල්ල දක්වා දෛනිකව ධාවනය කරවන සාමාන්‍ය දුම්රියන් වලට අමතරව කොළඹ කොටුවේ සිට උදෑසන 7.30 ට සහ බදුල්ලෙන් උදෑසන 7.30 ට අද සිට විශේෂ දුම්රියක් ධාවනයට එක්කර තිබෙනවා.

මෙයට සමගාමීව හැටන් බස් නැවතූම්පොලේ සිට දුර සහ කෙටි ධාවනය සඳහා දෛනික ලංගම බස්රථ ධාවනයට අමතරව අතිරේක බස්රථ ගණනාවක් අද සිට ධාවනයට එක්කර තිබෙනවා. ලංගම බස්රථවලට අමතරව හැටන් බස් නැවතුම්පොලේ සිට පෞද්ගලික බස්රථ ගණනාවක්ද ධාවනයට එක්කර තිබෙනවා. බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් වල ගමන් ගන්නා මගීන් අතරින් වැඩි පිරිසක් නුවරඑළිය වසන්ත උදානයට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයින් බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.

එසේම ගාල්ල ,මාතර සිට කොළඹ බලා පැමිණීමට අද විශාල ජනකායක් එම ප්‍රදේශවල බස් නැවතුම් පොළ ,දුම්රිය ස්ථානවල රැදී සිටින ආකාරයක් දක්නට ලැබුණා.ඒ ජනතාවටද නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ යොදවා තිබේ.