යහපාලන ඉලක්කයට කැළැලක්!

0

ඔබතුමාගේ පාලනය යටතේ මෙරටේ මානව හිමිකම් කටයුතු සඳහා වන යහපත් වාතාවරණයක් ස්ථාපිත වනු ඇතැයි දෙමළ ජනතාව විශ්වාස කලේය. නමුත්, ඔබතුමා පාලන බලයට පැමිණි පසු, මෙරටේ ජීවත්වන දෙමළ ජනතාවට සහ දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයන් මුදාහැරීම පිළිබඳව පුවත් පලවීම ඔබගේ යහපාලනය යන ඉලක්කයට කැළැලක් ඇතිවේද යන හැගීම මතුවනු ඇති බව පසුගිය 07 වන දින යාපනයේදී මාධ්‍යවේදීන් තිදෙනකු තර්ජනය කිරීමකට සහ ඝාතන කිරීමේ උත්සාහයකට ලක්වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවමින් කියා සිටි.

ගෞරවණීය මෛත්‍රීපාල සිරිසේන,

ජනාධිපති

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

ගෞරවණීය ජනාධිපති තුමණි!

මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව තහවුරු කල යුතුය

“2015.01.08 වන දිනෙන් පසු, මෙම රටේ ඔබතුමාගේ නායකත්වය යටතේ යහපාලනයක් පවතී යන දැඩි විශ්වාසය මත උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ජනතාව පැවැති ජනාධිපතිවරණයේදී ඔබතුමාට පූර්ණ සහයෝගය ලබාදුන්නෙමි.

ඔබතුමාගේ පාලනය යටතේ මෙරටේ මානව හිමිකම් කටයුතු සඳහා වන යහපත් වාතාවරණයක් ස්ථාපිත වනු ඇතැයි දෙමළ ජනතාව විශ්වාස කලේය. නමුත්, ඔබතුමා පාලන බලයට පැමිණි පසු, මෙරටේ ජීවත්වන දෙමළ ජනතාවට සහ දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයන් මුදාහැරීම පිළිබඳව පුවත් පලවීම ඔබගේ යහපාලනය යන ඉලක්කයට කැළැලක් ඇතිවේද යන හැගීම මතුවනු ඇත.

ආරක්‍ෂක අංශ සහ පොලීසිය ජනතාවට තර්ජනය කිරීමේ කටයුතු වල නිරතවීම සාධාරණද? 2015.04.07 වන දින යාපනය නල්ලූර්හිදී පානීය ජල ගැටළුව වෙනුවෙන් නිරත වූ උපවාසය සහ එහි උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් විරෝධතාකරුවන් සමග සාකච්ඡාවේ නිරතවීම පිළිබඳව පුවත් රැස්කිරීමට ගොස්, නැවත යාපනය දක්වා ගමන් කරමින් සිටි මාධ්‍යවේදීන් වන ටී.වි‍නෝජිත් (යාපනය මාධ්‍ය සමාජයේ සභාපති), ටී.ප්‍රදීබන් (හිරු නාලිකාවේ මාධ්‍යවේදී), ශ්‍රී.මයුරන් (ස්වාධින මාධ්‍යවේදී) යන අයට සිවිල් ඇදුම් පැලඳගත් පොලිස් නිලදාරින් දෙදෙනෙකු යතුරු පැදියකින් ලුහුබැඳ ගොස් තියුණු ආයුධයකින් ඇනීමට උත්සාහ කර ඇත.

මෙම සිදුවීමෙන් අනතුරුව, යාපනය පොලිස් ස්ථානයට භාරවූ මාධ්‍යවේදීන් ඉදිරියේ, සිවිල් ඇදුම් පැලඳ සිටි පොලිස් නිලධාරින් දෙදෙනා, එම පිහිය පොලිස් නිල ඇදුම් පැළඳ සිටි නිලධාරින් වෙත භාරදී ඇති බව තහවුරු කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන, උසස් පොලිස් නිලධාරින් මාධ්‍යවේදීන්ව සමාදාන කිරීමට උත්සාහ කර ඇත.

අතිගරු ජනාධිපති තුමණි!

දෑස් ඉදිරිපිටම වරදවල් සිදුකරමින් සිටියි. එය ජනතාව ආරක්‍ෂා කලයුතු පොලිස් නිලධාරින් හෝ පොලීසියේ සහයෝගය ඇතුව සිදුකරමින් සිටියි. මේ හේතුවෙන්, දෙමළ කතාකරන ජනතාව ජීවත්වන ප්‍රදේශයන්හි නැවත බියක් සහ විශ්වාසයක් නොමැති තත්වයක් උත්ගත වෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු පිළිබඳව ජාත්‍යන්තර වහයෙන් එල්ල වන බලපෑම් තවදුරටත් ශක්තිමත් වීමට මෙවැනි සිදුවීම් අවස්ථාවක් වනු ඇත. මාධ්‍ය නිදහස පිළිබඳව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අඛණ්ඩව පසුබෑමකට ලක්වන බව මෙවැනි සිදුවීම් හරහා පෙන්නුම් කරනු ඇත.

2015.04.07 වන දින මාධ්‍යවේදීන් තිදෙනෙකුට මරණ තර්ජනය එල්ල කිරීම සම්බන්දයෙන් අපගේ බලවත් කනගාටුව ඔබ තුමාගේ අවධානයට ගෙන එන්නෙමු. මෙම සිදුවීමට සම්බන්ධ වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන යා යුතුය. මෙවැනි සිදුවීම් නැවත සිදුනොවන බවට පොරොන්දු වන මෙන් ඔබතුමාගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින්නෙමු”