මෛත්‍රි ගෙදර යා යුතුයි! (Video)

0

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට නොහැකි නම්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස්විය යුතු බව නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඔහු සදහන් කලේ ජනාධිපතිවරයාට තමන්ගේ පක්ෂය හසුරුවා ගැනීමට නොහැකිවීම ඔහුගේ දුර්වලතාවයක් බවයි.19 සම්මත කර ගැනීමට තමන්ගේ පක්ෂයේ අය කැමති කරවා ගැනීමට හැකියාවක් නොමැති නම් ඒ අය පක්ෂයෙන් ඉවත් කිරීම හෝ සිදුකල යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.