අම්මා බැන්නයි කියා ජිවීතයට තිත තියලා ?(Photos)

0

මස්කෙළිය පොලිස් වසමට අයත් හපුගස්තැන්න වතුයායේ පහල කොටසේ අතුරුදන්වූ තරුණියකගේ සිරුර අද (17) දහවල් කැනියොන් ජලාශයට පහලින්වූ ලක්ෂපාන ඇලේ තිබී සොයාගෙන තිබෙනවා.මෙම තරුණිය සිය මව සමග ඇතිවූ දබරයක් හේතුවෙන් ඉකුත් 15 වෙනිදා සිට අතුරුදන්වී ඇති බවට ඇයගේ දෙමාපියන් විසින් මස්කෙළිය පොලීසියට පැමිණිල්ලක්ද කර තිබුණා.

පසුව මස්කෙළිය පොලීසිය විසින් ප‍්‍රදේශය පුරා තරුණියව සොයා මෙහෙයුමක් දියත් කළත් ඇයව සොයා ගැනීමට නොහැකිවුනා. පසුව අතුරුදන්වූ තරුණියගේ සිරුර කැනියොන් ජලාශයට පහලින් ලක්ෂපාන ඇලේ වලකින් මතුවී තිබෙනවා.මෙසේ මියගොස් ඇත්තේ එම වතුයායේම පදිංචි පලනි සාමි සරෝජනී නැමැති (අවු.18) ක තරුණියකී.

සිරුර හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.මෙය සිය දිවි හානි කර ගැනීමක් බවට පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය සැක පල කරනවා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

DSC08478 DSC08481 DSC08491 DSC08492 DSC08517