දින 100 ගැන අවධානයෙන්! (Photos)

0

ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළ පිළිබඳ මහත් උනන්දුවකින් බලා සිටින බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසනවා.
දින 100 වැඩ පිළිවෙළ මගින් මෙතෙක් ජනතාවට හිමි කර දී ඇති සහන පිළිබඳ සතුටට පත් වන බවයි එම අරමුදල කියා සිටියේ.එබැවින් තව දුරටත් ශ්‍රී ලංකාවට සහය ලබා දීමට සූදානම් බව ඔවුන් පෙන්වාදී තිබේ.

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන අන්තර් ජාතික මූල්‍ය අරමුදල් රැස්වීමේ දී (2015 Spring Meetings) මෙම කරුණු අනාවරණ වුණා.

මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊට සහභාගී වී සිටින අතර එම අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ Mitsuhiro Furusawa සහ මුදල් අමාත්‍යවරයා අතර විශේෂ හමුවක් ද එහිදී පැවැත් වුණා.

මීට අමතරව ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි, මලයාසියානු මුදල් අමාත්‍ය අහමඩ් හුස්නි යන අය සමගද මුදල් අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වුවා.

Minister of Finance in India Mr Mitsuhiro Furusawa  -IMF Deputy Managing Director