වසන්ත උදානයට ඇවිත් වෙච්ච නස්පැත්තිය! (Photos)

0

නුවරඑළිය වසන්ත උදානයට පැමිණ ආපසු වෑන් රථයකින් යමින් සිටි ජාඇල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට බඹර ප‍්‍රහාරයක්එල්ලවී තිබෙනවා. අද (17) පස්වරු 3.30 ට පමණ මෙම පිරිස හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කොටගල රෝහල අසල ස්ථානයක වෑන් රථය නවත්වා දිවා ආහාරය ගනිමින් සිටි අවස්ථාවේ ඒ අසල ගසක බැදතිබූ විශාල බඹර කූඩුවක් ඇවිස්සී යෑමෙන් මෙම බඹර ප‍්‍රහාරය එල්ලවී තිබෙනවා.

වෑන් රථයේ සිටි කුඩා ළමයෙකු ඇතුලු නව දෙනෙකුට බඹර ප‍්‍රහාරය එල්ලවී ඇති අතර එම පිරිස විසින් සුරතලයට රැගෙන එනු ලැබූ සුනඛයෙකුටද බඹරු දෂ්ඨ කර තිබෙනවා. තුවාලකරුවන් සියලු දෙනා කොටගල ප‍්‍රාදේශීය රෝහලට දිඹුල පොලීසිය මගින් ඇතුලත්කර ඇති අතර තුවාලකරුවන්ට අවශ්‍ය ප‍්‍රතිකාර කොටගල රෝහලේ වෛද්‍යවරුන් ලබාදී තිබෙනවා.

තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවත් මීට ඉහත අවස්ථා කීපයකදීම මෙම මාර්ගයේ බැද තිබෙන බඹර කූඩු ඇවිස්සී ප‍්‍රධාන මාර්ගයේ ගමන්ගත් පිරිස් වල ප්‍රහාර එල්ලවී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

DSC08238 DSC08246 DSC08252 DSC08257