චන්ද්‍රිකා රනිල් සුද්ද කරයි

0

ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදු කල ප්‍රකාශය ඔහු විසින් විහිළුවට ප්‍රකාශ කර ඇති බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායක පවසයි.ඇය මේ බව සදහන් කලේ ,ඉන්දීය ඩී.එන්.ඒ ප්‍රවෘත්ති ආයතනය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

පසුගිය දිනවලදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ,ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරය උල්ලංඝණය කළහොත් ඔවුන්ට වෙඩි තැබීම සිදු කල යුතු බවයි.ඒ සම්බන්ධයෙන් ඩී.එන්.ඒ ප්‍රවෘත්ති නාලිකාව හිටපු ජනාධිපතිණියගෙන් විමසීමක් කර තිබෙනවා.එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ,රනිල් වික්‍රමසිංහ එය විහිළුවට ප්‍රකාශ කර ඇති බවයි.

ඇතැමුන් එය වැරදි ආකාරයට භාවිතා කරන බව පෙන්වා දෙන ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ ඩයිනමයිට් පුපුරවා මසුන් ඇල්ලීම වැනි නීති විරෝධී ක්‍රම භාවිත කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.