19ය අවසන් ගමන් යයිද?

0

19 වන ව්‍යවස්ථා සංශෝදනය සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා මේ වන විටත් සාර්ථකවී නොමැති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.මේ සාකච්ඡා නිසා මැති ඇමතිවරුන් අතර නොරිස්සන ගති පැවතුම් තව තවත් මතුවන බවයි වාර්තා වන්නේ.

19 වන ව්‍යවස්ථා සංශෝදනය සම්බන්ධයෙන් ඊයේ (17) දිනයේදීත් පක්ෂ අතර සාකච්ඡාවක් පැවති අතර ඒවාද ස්ථිර විසදුමකින් තොරව නිමා කිරීමට රැස්ව සිටී පිරිසට සිදු වූවා.

මේ රැස්වීම සදහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය රවුෆ් හකීම්,ලක්ෂ්මන් කිරිඇල්ල ,ජෝන් අමරතුංග යන අය එක්ව සිටියා.විපක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාලද සිල්වා සහ සුසිල් ප්‍රේමජයන්ත මේ සදහා සහභාගිවී සිටී අතර විමල් වීරවංශ ,දිනේෂ් ගුණවර්ධන ,ඩිව් .ගුණසේකර ,වාසුදේව නානයක්කාරද සහභාගි සිටියා.

ඊට අමතරව අතුරලියේ රතන හිමි,ජි .එල් පීරිස් ,තිස්ස විතාරණ ,ඒ.එල් .එම් ආතාවුල්ලා , සහභාගිවූ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සහභාගිවි සිටියේ ,එම් .ඒ සුමන්තිරන් මන්ත්‍රිවරයායි.

ලබන 20,21 වනදා 19 වන ව්‍යවස්ථා සංශෝදනය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය සුදානම් වන අතර ඒ සදහා එකගතාවයකට පැමිණීමට නම් මැති ඇමතිවරුන්ට හැකියාව ලැබුණේ නෑ.කෙසේ නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝදනය සම්බන්ධයෙන් වන සාකච්ඡා අසාර්ථක වීම නිසා විශේෂයෙන්ම ශ්‍රිලනිප සහ එජාපය අතර උග්‍ර ගැටුමක් හටගන්නා බවයි වාර්තා වන්නේ.