දුවන වාහනයක එල්ලුණු හෙළ උරුමය

0

පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදය හැසිරවීම සදහා අමාත්‍ය පාඨලි චම්පික කටයුතු කරමින් සිටින බව වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු චමීර පෙරේරා පවසයි.

එදා පාඨලි චම්පික ,රතන හාමුදුරුවෝ මේ සියළු දෙනාම පෙනී හිටියේ අග්‍රාමාත්‍යරයා ප්‍රධාන කරන්න නමුත් දැන් නිශාන්ත වර්ණසිංහ මහත්තයා කියනවා එයාලා ,මෛත්‍රිපාල සිරිසේන මහත්තයා විධායකය අත්හරින්න පොරොන්දු වුණේ නෑ චමීර පෙරේරාවැඩිදුරටත් සදහන් කලා.

ඊයේ (17) කොළඹදී වමේ කේන්ද්‍රයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.එහිදී අදහස් දක්වමින් එහි කැදවුම්කරු චමීර පෙරේරා සදහන් කලේ ජාතික හෙළ උරුමය ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය අද වෙනස් කරමින් සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා ,

දැන් මේ පාඨලි චම්පික රණවක මුට්ටිය දාන්නේ අතුරලියේ රතන හිමි හරහා.දැන් එයාලා දිගින් දිගටම කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන් ගෙනාපු ව්‍යවස්ථාවක් තමයි මේ ගෙන එමින් තියෙන්නේ කියලා.

එදා පාඨලි චම්පික ,රතන හාමුදුරුවෝ මේ සියළු දෙනාම පෙනී හිටියේ අග්‍රාමාත්‍යරයා ප්‍රධාන කරන්න.දැන් නිශාන්ත වර්ණසිංහ මහත්තයා කියනවා එයාලා ,මෛත්‍රිපාල සිරිසේන මහත්තයා විධායකය අත්හරින්න පොරොන්දු වුණේ නෑ කියලා.

හැබයි ජනතාවට ඔහු පොරොන්දු වුණා.හෙළ උරුමය පස්සේ තමා ජනතාවට එකතු වුණේ.එයලා දුවන වාහනයකට තමයි එල්ලුණේ.දැන් ඒ වාහනේ සුක්ඛානම අතට ගන්න හෙළ උරුමය කටයුතු කරනවා.පාඨලි චම්පික එයාගේ න්‍යාය පත්‍රයට අනුව ප්‍රජාතන්ත්‍රවාදය හසුරුවන්න හදනවා.මෙන්න මේකටයි අපි විරුද්ධ.