දුම්රියට බිලිවූ තරුණයා (photos)

0

බදුල්ල සිට කොළඹ දක්වා ඊයේ (17) රාත‍්‍රී ධාවනයවූ රාත‍්‍රී තැපැල් දුම්රියේ ගැටී තරුණයෙකු මියගොස් ඇති බව හැටන් පොලීසිය පවසනවා.හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අසල මෙම තරුණයා රාත‍්‍රී 11.30 ට පමණ ගැටී දුම්රිය මාර්ගයේ වැටී සිටි බවයි හැටන් පොලීසිය පවසන්නේ.

රාත‍්‍රී දුම්රිය මාර්ග පරික්ෂාවට යන මුරකරු විසින් එම තරුණයාගේ සිරුර දැක ඒ පිළිබඳව හැටන් පොලීසියට දැණුම් දීමෙන් පසු සිරුර දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අවුරුදු විසි අටක් පමණ වන මෙම තරුණයා පිළිබඳව කිසිදු අනන්‍යතාවයක් මේ වන විටත් තහවුරුවී නොමැති බවයි පොලීසිය පවසන්නේ. මොහු දුම්රියේ ගැටුනාද නැතහොත් සියදිවි හානිකර ගත්තාද යන්න පිළිබඳව හැටන් පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

DSC09794 DSC09796 DSC09797