ජානිපෙට අබසරණයි !

0

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ගැටළු පැවතුණේ අද ඊයේ පටන් නොව මාස ගණනාවකට ඉහතදීය.විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමන් මග සදහා ජාතික නිදහස් පෙරමුණ උදව් කිරීම ජා.නි.පෙ සන්ධානයට තිත්ත වීමට මුලීකම හේතුව බවට පත් විය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ සාකච්ඡාවකින් අනතුරුව තීරණය කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණ සන්ධානයෙන් ඉවත් කිරීමටයි.