මහින්දව මට්ටු කරනු එපා! (Photos)

0

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැදවීම සිදු නොකල යුතු බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අද විරෝධතාවයේ නියැලුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විමල් වීරවංශ ,දිනේෂ් ගුණවර්ධන ,වාසුදේව නානයක්කාර ,බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙලෙස බිම වාඩි වෙමින් විරෝධතාවයේ නියැළී තිබේ.

ඔවුන් ප්‍රකාශ කරනු ලබන්නේ ,හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැදවීම සිදු නොකල යුතු බවයි.මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැදවීම සිදු නොකරන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තුරුම පාර්ලිමේන්තුවෙන් නැගිට යෑම සිදු නොකරන බවද මන්ත්‍රිවරුන් පවසනවා.

ලබන 24 වනදා මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා ඔහුට අල්ලස් කොමිසමට පැමිණෙන ලෙසට දැනුම් දුන්නේ අද දිනයේදීය.

21755_450151805144547_1004194538406051245_n 11125251_450151871811207_4282141432085094800_n 11156143_450151691811225_5866609955970278576_n 11174829_450151948477866_232396382638883187_n