දුෂණ ,වංචා වලට සම්බන්ධ 300කට අබසරණයි!

0

පසුගිය වර්ෂයේ දුෂණ ,වංචා වලට සම්බන්ධ 300 දෙනෙකුට වැඩි පිරිසකට ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.අමාත්‍යරයා මේ බව කියා සිටියේ මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

වැරදිකරුවන්ට දඩුවම් ලබා දීම යහපාලනයට අනූව විධිමත් නීතිමය රාමුවක් තුළ සිදුවන අතරම ඒ නිසා වැරදිකරුවන්ට දඩුවම් ලබා නොදීම සම්බන්ධයෙන් ජනතාව තුළ සැක මතුවී ඇති බවද අමාත්‍යරයා පෙන්වා දුන්නා.ඉදිරි මාස ගණනාව තුළදී දූෂණ ,වංචා වලට සම්බන්ධ අයට දඩුවම් ලබා දීම නියත වශයෙන්ම සිදුකරන බවද අමාත්‍යරයා මෙහිදී අවධාරණය කලා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යරයා ,

පාලකයින් රටේ ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රික ලෙසින් විසදීමට යොමු වන විට ඊට අදාළ නීතිමය තත්වයන්ට අනූකූලව කටයුතු කිරීමට සිදු වෙනවා.එය ප්‍රමාදයක් නෙමෙයි.අපිට රටේ කිසියම් පුද්ගලයෙකු වරදක් කල බවට චෝදනා කල සැණින් ඔහුට එරෙහිව නිතීය ක්‍රියාත්මක කරන්න බෑ.පළමුව නිතීය සුරකින පොලිසිය විසින් සිදුකරන මූලික පරීක්ෂණයකින් පසුවයි ඔවුන් අධිකරණ ක්‍රියාමාර්ගයක් වෙත යොමු කිරීම සිදුවන්නේ.